Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනුර කුමාරගේ ජයග්‍රහණය ගැන විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

2 years ago

මුල් වටයේ ඡන්ද ගණන් කිරීම් අනුව 2024 ජනපතිවරණයෙන් අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය ඉහළින්ම සටහන් වී ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටිනවා.

මුල් වටයේ ගණන් කිරීම් අනුව ලක්ෂ 13ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ඔහු විසින් ලබාගෙන ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කිසිදු අපේක්ෂකයෙකුට 50% ලබා ගත නොහැකි වූ බවද ඔහු අවධාරණය කරනවා.

මැතිවරණ පණතට අනුව දෙවැනි තුන්වැනි මනාප ගණනය කළ යුතු වුවද එය අනුර දිසානායකගේ ජයග්‍රහනයට බාධාවක් නොවන අතර මෙම ක්‍රියාවලියෙන් පසුව අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට කොමිසම බැඳී සිටින නිසා එය සිදු කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසනවා.