Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ජනපති ලෙස දිවුරුම් දුන් අනුරට ප්‍රබල රටවල් රැසකින් සුබ පැතුම්

2 years ago

ශ්‍රී ලංකාවේ චින තානාපතිවරයා  අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය සුබපැතුම් එක්කර තිබෙනවා.

ආර්ථික හා සමාජීය ඉලක්ක මෙන්ම දෙරටේ ශක්තිමත් සබඳතා සාක්ෂාත් කර ගැනීම සඳහා අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පරිපාලනය හා ශ්‍රී ලංකාවාසි ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බව ජපානය පවසනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයෙකි මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ.

ජපානය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජපාන තානාපතිවරයා තවදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායකට එක්සත් ජනපද රාජ්‍ය දෙපාතමේන්තුව සුබ පතා තිබෙනවා.

එමෙන්ම සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාවට අපි ප්‍රශංසා කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාතමේන්තුව සඳහන් කර ඇත්තේ.