මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මිය ගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මුල්ලිවයිකාල් නැගෙනහිර, මුලතිව් මාස 11ක දැරියකි.
සිද්ධිය වූ දින දැරියගේ මට එම දැරිය නහවා ඇති අතර පසුව දැරිය එම බේසම අසල තබා යමක් ගැනීම සඳහා නිවෙසට ගොස් ඇති බව පොලිසිය පවසයි.
එහිදී දැරිය නැවත බේසමට වැටී පාවෙමින් සිටිනු දැක මව විසින් දැරිය බේසමෙන් ගෙන රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
එම මවට තවත් අවුරුදු 4 ක දරුවකු ද සිටින බව පොලිසිය පවසයි.
දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.

