ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව අමාත්‍ය මණ්ඩලය අද (24) දින පස්වරුවේ දිවුරුම් දීමට නියමිතයි.
එම පක්ෂයේ පාලරීමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චි සඳහන් කළේ අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බවයි.
එමෙන්ම නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාලරීමේන්තු මන්ත්‍රි ආචායර් හරිනි අමරසුරිය පත් කිරීමට නියමිතව ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාගර් සඳහන් කරනවා.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක හා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනා අතර අමාත්‍යංශ 15 බෙදී යනු ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා දීමෙන් අනතුරුව පාලරීමේන්තුව අද (24) රාත්‍රීයේ හෝ හෙට(25) දිනයේ විසුරුවා හැරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

