Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙද නිලධාරිනියකට පහර දුන් සජිත්ගේ ආසන සංවිධායක අත්අඩංගුවට

2 years ago

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරිනියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා අද (26) දින සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් ලනස්ජි රත්නායක මෙනවිය වෙත ඉදිරිපත් කර තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව ලබන මස (28) දින කැදවීමටයි, නියෝග කර ඇත්තේ.

පැමිණිලිකාරිණිය විසින්ද සැකකරුට බැන තර්ජනය කළේ, යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු නාවලපිටිය පොලිසිය වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන්ද විමර්ෂණයක් සිදු කර අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට නියෝග කල බවයි, නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා සඳහන් කළේ.

මෙම ආසන සංවිධායකවරයා සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණය සමයේදීද දැඩි කතාබහක් මතුවිය.

ඒ අත්පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කල තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙනි.