හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියැදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වරාය පොලිසිය සඳහන් කළේ ලොරි රථවලට සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක් පටවමින් සිටියදී එම අමුද්‍රව්‍ය තොගයටම යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
පොලිසිය පැවසුවේ ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටි අයකු මෙලෙස මියගොස් ඇති බවයි.
මියගිය පුද්ගලයා සිමෙන්ති සෑදීම සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය තොගයක් වීල් ලෝඩරයකින් ලොරි රථවලට පටවන අවස්ථාවේදී අමුද්‍රව්‍ය තොගය වීල් ලෝඩරය මතට පතිත වී ඇති බවත් ඊට මොහු යටවී ඇති බවත් පොලීසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ අසල සිටි ලොරි රථ රියදුරන් විසින් තුවාලකරු හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබුණු අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබුණු බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

