බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) කිසිඳු තන්තවයක් යටතේ කිසිවෙකු අතර බෙදා ගැනීමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මේ බව සඳහන් කළා.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් රැසක් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.
බැංකු මගින් ලබා දෙන රහස්පද භාවිත කරමින් එවැනි බරපතල මූල්‍ය වංචා සිදු කරන බවටයි පොලිසියට නිරීක්ෂණය වී ඇත්තේ.

