තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විමසයි.
ඔස්ට්‍රේලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුර ඔහු මේ බව විමසා ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව හිමි වුවද හිමි වූයේ කොන්දේසි සහිත සමාවකි.
ඔහුගේ ප්‍රජා අයිතියක් වසර හතකට අහෝසි වී පැවතීම හේතුවෙන් ඔහුට වසර හතක් යනතුරු මැතිවරණ සඳහා තරග කිරීමටද නොහැකිය.
ඔහුට පූර්ණ ජනාධිපති සමාවක් දීම පිළිබඳව මේ වනවිටත් ඉහළ දේශපාලන බලවතුන්ගේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.


