ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැහැදිලි කර තිබෙනවා.
මෙම වාහන සම්බන්ධයෙන් පළ වන විවිධ මත පිළිබඳ සිය කාර්යාලයේ අවධානය යොමුවී ඇති බව සඳහන්.
නව ජනාධිපතිවරයා පත්වීමත් සමඟ පසුගිය දින කිහිපය තුළ සිදු කළ දැනුම්දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත භාරදී ඇති වාහන සංඛ්‍යාව 107ක්.
මෙම වාහන ජානාධිපති ලේකම් කාර්යාලයේ වාහන නොවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ලබාදී ඇති වාහන බවත් එම මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.
එලෙස බාර දුන් වාහන 107 භාවිතා කළ පුද්ගලයන්ගේ නාම ලේඛනය පහතින්.









