Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 80,000කින් නැවත දකින්න ලැබෙන දුර්ලභ වල්ගා තරුවක් දැක ගැනීමට අවස්ථාවක්

2 years ago

වසර අසූ දහසකට (80,000) වරක් පෙනෙන වල්ගා තරුවක් හෙට සවස හිරු බැස යෑමෙන් පසු ශ්‍රී ලංකාවේ පියවි ඇසට පෙනෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර ප්‍රකාශ කරයි.

ඔහු පැවසුවේ C/2023 A3 (Tsuchinshan-ATLAS) වල්ගා තරුව සූර්යයා සමඟ එහි සමීපතම හමුවීමට ළඟා වෙමින් දීප්තිමත් වෙමින් පවතින බවයි.

“එය පියවි ඇසට දුර්වල නොපැහැදිලි තිතක් ලෙස පෙනුනද, දුරේක්ෂයක් හෝ දුරදක්නයක් එහි විශ්මය ජනක වලිගය විචිත්‍රවත් ලෙස දැක බලා ගන්න පුළුවන් වේවි. ශ්‍රී ලංකාවේ අහස නිරීක්ෂකයින්ට හෙට සවස හිරු බැස යෑමෙන් පසු මෙම දුර්ලභ ආකාශ සිද්ධිය දැක ගත හැකියි,” විද්‍යාඥ වීරසේකර පැවසීය.

නැගෙනහිර අහසේ හිරු උදාවට මිනිත්තු 45 සිට පැයකට පෙර වල්ගා තරුව දර්ශනය වනු ඇත. මෙම සිදුවීම අසාමාන්‍ය වන්නේ මෙම වල්ගා තරුව වසර 80,000 ක කක්ෂගත කාලයක් සහිත දිගු-කාලීන වල්ගා තරු ගණයට අයත් වීම නිසායි.”