සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘ලංකාදීප’ පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය වසර දෙක පුරා ඖෂධ මාෆියාවට එරෙහිව කටයුතු කිරීම මෙන්ම ඖෂධ හිඟයට විසඳුම් සෙවීමටද මහීපාල මහතා ක්‍රිය කළ බවයි බෙල්ලෙන මහතා පවසන්නේ.
ආණ්ඩු මාරුවන් සමග ඔහුටද තනතුර අහිමි වේ යැයි බලාපොරොත්තුවෙන් සිටි ඖෂධ ජාවාරම්කරුවන් එම බලාපොරොත්තු සුන්වීම නිසා වියරු වැටුණු විලසින් සෞඛ්‍ය ලේකම්වරයා පළවා හැරීමට කුමන්ත්‍රණ සිදු කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන ව්‍යාජ ප්‍රචාරයන් පිළිබඳව රජය විසින් අවධානය යොමු කළයුතු බව වෛද්‍යවරයා පෙන්වාදෙනවා.

