ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් දෙදෙනෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකරුවන් වශයෙන්, ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් දුමින්ද හුලන්ගමුව සහ ආර්ථික කටයුතු හා මුදල් නාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ආචාර්ය ඒ ඒ. ජේ. ප්‍රනාන්දු පත් කර තිබෙනවා.
මෙම පත් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනුව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා සිය කාර්ය මණ්ඩලය පත් කිරීම පිණිස ජනාධිපතිවරයා වෙත බලතල අනුව සිදු කර තිබෙනවා.
මෙම පත් කිරීම් සැප්තැම්බර් මස 24 වනදා දින සිට බලපැවැත්වෙන පරිදි ගරු සේවා පදනම් මත පත් කර තිබෙනවා.

