හිටපු මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා පැදවූ රථයක් අනතුරකට ලක්වී තිබේ.
මොණරාගල බිබිල මාර්ගයේ නක්කලවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
එම අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ලෙස හිටපු මන්ත්‍රීවරයාවම කටයුතු කර ඇත.
මන්ත්‍රීවරයා විසින් වාහනයට ඇතුළු බඹරෙකු එළවීමට උත්සාහ කිරීමේදී වාහනය මාර්ගයෙන් ඉවතට ගොස් පස් කණ්ඩියක ගැටී තිබේ.
අනතුරින් හිටපු මන්ත්‍රීවරයාට අනතුරක් සිදුව නොමැති අතර වාහනයට අලාභ හානි සිදුවී ඇත.

