Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගැටුමකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

2 years ago

මාතලේ, මහවෙල, මඩවල උල්පත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් නාලන්ද වත්ත, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

පොලු‍වලින් සහ ආරක්ෂිත හිස් වැසුමකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඝාතනය සම්බන්ධයෙන් මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමග යකඩ ඉන්නක්, ආරක්ෂිත හිස්වැසුමක් සහ තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහවෙල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.