Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට සේවය කරන්න රෝසී මාර දුකක් විඳලා! රනිල්ගේ උපදේශකයෙක් වෙලා ගත්ත කෝටි ගණනක් වටින Porche කාර් එකේ ඩිකිය වැහෙන්නෙ නෑලු! සන්රූෆ් එක වේයො කාලාලු! වැස්සට තෙමෙනවාලු!

2 years ago

පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝශයන්ට ලක්වීම හේතුවෙන් බව හිටපු ජනාධිපති උපදේශක රෝසි සේනානායක මහත්මිය පවසයි.

තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කකා තිබූ එකක් බවද පවසයි.

තමන්ට ලබා දුන් අවස්ථාවේ දී එම මෝටර් රථය මහ පාරේ කඩා වැටුණු බවද ඈ පවසයි.

මෙම පෝෂ් මෝටර් රථය ඇතුළට වතුර ගලන බවත්, සන් රූෆ් එක වේයෝ කා තිබුණු අතර කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඇය දුක සේ මෙහිදී සදහන් කළා.