Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රී රෝද රථයක් පෙරලී දෙදරු පියා මියයයි! දරු දෙදෙනා රෝහලට!

2 years ago

දෙනියාය – කිරිවැල්දොළ මාර්ගයේ කරපුෂ්පාව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (02) පෙරවරුවේ මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් මියගොස් ඇත්තේ දෙදරු පියෙක්.

මරණකරු විසින් සිය දරු දෙදෙනාව කොල්ලකන්ද ප්‍රදේශයේ සිට දෙනියාය මහා විද්‍යාලයට රැගෙන යමින් සිටියදී රථය පාලනය කරගත නොහැකිව ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ දරු දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.