අළුත්ගම පොලිස් වසමේ හෙට්ටිමුල්ල දුම්රිය ස්ථානයේදී මරදාන සිට හික්කඩුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අළුත්ගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

