Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්‍රාම වැටුප්

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ලබාදීමට යෝජනා කළ රුපියල් 3,000ක දීමනාව අහිමි වෙයි ?

2 years ago

පසුගිය රජය විසින් විශ්‍රාමිකයින් වෙත ලබා දීමට යෝජනා කරන ලද රු. 3000 ක විශ්‍රාම වැටුප් දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුප සමඟ ගෙවීමට මේ දක්වා මුදල් නිදහස් කර නොමැති බව වාර්තා වනවා.

පෙර පැවති රජය විසින් මෙම දීමනාව පසුගිය මාසයේ සිට ලබාදීමට යෝජනා කළද එවකට ජනාධිපතිවරණය කැඳවා තිබූ බැවින් විශ්‍රාම වැටුප වැඩි කිරීම් මගින් අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදුවන බව පවසා මැතිවරණ කොමිසම විසින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දමන ලදි.

ඔවුන් පැවසූවේ ඔක්තෝබර් මස එම මුදල් විශ්‍රාමිකයින් වෙත ලබා දෙන බවයි.

කෙසේ වෙතත් නැවතත් මහා මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මෙවරද එම මුදල විශ්‍රාමිකයින් හට අහිමිවීමේ අවදානමක් මතුව පවතින බව සඳහන්.

මෙම දීමනාව ලබාදීමට යෝජනා කළ රනිල් වික්‍රමසිංහ හිටපු මුදල් අමාත්‍යවරයාද, වත්මන් මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායකද, මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් නොවන හෙයින් විශ්‍රාමිකයින්ට හිමි විය යුතු මෙම දීමනාව ලබාදීමෙන් කිසිදු අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු නොවන බවයි බොහෝදෙනෙකුගේ මතය වී ඇත්තේ.

මහ මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට නියමිත හෙයින් තවත් මාස ගණනක් යනතුරු එම වැඩි කළ දීමනාව නොලැබී යාමේ අවදානමක් මතුව පවතී.