Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂ නායක නිල නිවස මාස තුනකට පෙර මියගිය ආර්.සම්බන්ධන්ට සින්න වෙයි!

2 years ago

හිටපු විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් රජයට බාර දී නොමැති බව වාර්තා වේ.

මෙම නිල නිවස ඔහුට පාවිච්චි කිරීම සඳහා ලබා දී තිබුණේ කැබිනට් අනුමැතියකිනි.

ඒ අනුව මෙම නිවස නැවත රජයට ලබා ගැනීමට නම් එම තීන්දුව වෙනස් කරමින් අලුත් කැබිනට් තීන්දුවක් ගතයුතු බව සඳහන්.

නමුත් එම කැබිනට් තීරණය තවමත් නොගැනීම හේතුවෙන් මෙම නිවස රජයට පවරා ගැනීමට නොහැකි වී තිබේ.

සම්බන්ධන් මහතා 2015 වර්ෂයේදී විපක්ෂ නායක ධුරයට පත් වීමෙන් පසු ඔහුට මෙම නිල නිවස හිමි විය.

අනතුරුව 2018 ඔක්තෝබර් 26 මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වී දින පනස් දෙකේ ආණ්ඩුවෙන් පසු යළි විපක්ෂ නායක ධූරයට පත්වුවද සම්පන්දන් මහතාට එම නිල නිවසේ තවදුරටත් සිටීමට අවස්ථාව ලබා දුන්නේය.

අනතුරුව යහපාලන ආණ්ඩු සමයේදී එවකට ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ගත් කැබිනට් තීරණයට අනුව සම්පන්දන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට සිටින තුරු එම නිවස පාවිච්චි කිරීමට අවසර ලබාදී තිබුණි.

මෙම නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත්,දුරකතන බිල්පත් සහ නඩත්තු වියදම් රජය විසින් දරනු ලබන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම නිල නිවසේ නඩත්තු කටයුතු සිදු කරනු ලබන සේවකයින් හට වැටුප් ලබා දීමද රජය විසින් සිදු කරන බව වාර්තා වේ.

සම්බන්ධන් මහතා මෙම නිල නිවසේ වාසය කරන සමයේ එනම් 2017 වර්ෂයේ මෙම නිවසේ අලුත්වැඩියාවක් සිදු කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 35ක පමණ මුදලක් වැය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

සම්පන්දන් මහතා මිය යන තෙක්ම එම විපක්ෂ නායක නිල නිවසේ ජීවත්විය.