Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති සිය ප්‍රථම විදෙස් සංචාරයට සැරසෙයි

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දීයාවේ නවදිල්ලියට යාමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

අද (04) මෙරට පැමිණෙන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් විසින් ඊට අදාළ ආරාධනාව සිදු කරනු ඇති බවටයි, අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මහමැතිවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කිරීමට නියමිත බව සඳහන්.

එම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී දෙරට අතර පවතින සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි පවසන්නේ.

අනුර කුමාර දිසානායක මහතා ජයගැනීමෙන් අනතුරුව මෙරටට පැමිණෙන පළමු ඉහළ පෙළේ ප්‍රභූවරයා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හඳුන්වාදිය හැකියි.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව බවයි.