Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවන්ට මුඛ ආවරණ පළඳවන්න! සෞඛ්‍ය අංශ වෙතින් මව්පියන්ට උපදෙස්!

2 years ago

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා වන බැවින් එම දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස මව්පියන්ට දැනුම් දෙයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා මේ බව පවසනවා.

උණ, කැස්ස, හෙම්රිසාව වැනි රෝගී තත්ත්වයන් ඇති දරුවන් ගැන අවධානයෙන් පසු විය යුතු බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

එමෙන්ම අත්, පා මුඛ රෝගය සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.