වීරකැටිය තංගල්ල පාරේ පිහිටි ඉඩමක විදුලිය විසන්ධි කිරීම් කිහිපයක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබුණි.
එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් ඉඩමක් බව සඳහන්.
එහි ඇද තිබූ විදුලි රැහැන් කිහිපයක්ද ගලවාගෙන යාමට ඔවුන් කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
දේශපාලනඥයින් හා ඉහළ පෙළේ රාජ්‍ය නිළධාරීන් වෙත ලබා දී ඇති අනවශ්‍ය විදුලි සම්බන්ධතා ඉවත් කරන ලෙස විදුලිබල මණ්ඩලයට ලබා දී ඇති නියෝගයකට අනුව මෙය සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

