නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් 30කට ආසන්න පිරිසක් මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමට අවස්ථාව පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
එම මන්ත්‍රීන් පිරිස අතරින් සමහරුන් තාවකාලිකව දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති අතර තවත් පිරිසක් දේශපාලන දිවියෙන් සමු ගෙන වෙනත් ක්ෂේත්‍ර කරා යෑමට තීරණය කර තිබීමද විශේෂත්වයක්.
මෙවර මැතිවරණයේදී ජයග්‍රහණය පිළිබඳව අවිනිශ්චිතතාවයක් මතුව ඇති බොහෝ මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පිවිසීමට උත්සහ කිරීම හේතුවෙන් ප්‍රධාන පක්ෂවල ජාතික ලැයිස්තු සඳහා ඇතුළත්වීමට මන්ත්‍රීවරුන් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇති බව සඳහන්.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ජී.එල්. පීරිස්, විජයදාස රාජපක්ෂ, අලි සබ්රි, බන්දුල ගුණවර්ධන, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, හිටපු මන්ත්‍රීවරුන් වන සී.වි. විග්නේෂ්වරන්, විනෝ නෝහරාතලිංගම් වැනි දේශපාලඥයින් කිහිප දෙනෙකුම ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
මේ අතර තවත් මන්ත්‍රීවරුන් විස්සකට ආසන්න පිරිසක් දේශපාලනයෙන් සමුගැනීම ගැන මෙතෙක් නිල වශයෙන් සඳහන් නොකළඳ තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීමේ සුදානමකින් පසුවන බවයි වාර්තා වන්නේ.
ඔවුන් මෙවර මැතිවරණයට තරග නොකළඳ ඉදිරි මැතිවරණයන්හිදී යළි සක්‍රීය දේශපාලනයට පිවිසීමේ සූදානමකින් පසුවන බව සඳහන්.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද මෙවර මැතිවරණය සඳහා තරග නොකිරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි වාර්තා වන්නේ.

