හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ තම පුතාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳව දැනගත් පියෙකු ඇති වූ වේදනාව හේතුවෙන් හෘදයාබාධයක් වැළඳී මිය ගොස් තිබෙනවා.
අදාළ සිසුවා මීගමුවේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියා දින දෙකකට පසු එනම් මැයි මස 18 වැනිදා රාත්‍රී කාලයේ පාපැදියකින් ඥාතියකුගේ අවමංගල්‍යය නිවසක් වෙත ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය 28 වැනිදා නිකුත් වූ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ඔහු විභාගය විශිෂ්ඨ අයුරින් සමත් වී තිබෙනවා.
මියගිය සිසුවාගේ ප්‍රතිඵල දැන ගැනීමත් සමග කම්පනයට පත් වූ පියාට හදිසියේ හෘදයාබාධයක් වැළඳී මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි මීගමුව මූලස්ථාන පොලිසිය පැවසුවේ.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙක්.

