ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය හැර උතුරු නැගෙනහිර පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙනම තරඟ කිරීමට පක්ෂයේ නාමයෝජනා කමිටුව තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්රීම එම්.ඒ.සුමන්තිරන් මහතා පවසනවා.
පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (06) වවුනියාව දිස්ත්‍රික්කයේ පෞද්ගලික හෝටලයක රැස්වීමෙන් අනතුරුව අදාළ තීරණය ගෙන තිබුණා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ජා කොට ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බවද හෙතෙම පවසනවා.
මේ අතර යාපනය දිස්ත්‍රික්කය හා මඩකලපුව දිස්ත්‍රික්කය වෙත නාමයෝජනා සකස් කිරීම අවසන් කොට ඇති බවයි ඔහු සඳහන් කළේ.
අනෙකුත් දිස්ත්‍රික්කය වෙත ඉදිරිපත් වන අපේක්ෂකයින් සම්බන්ධයෙන් 09 වැනිදා අවසන් තීරණයක් ගැනීමට පක්ෂයේ නාමයෝජනා කමිටුව තීරණය කළ බව ද හෙතෙම සඳහන් කළා.
යාපනය දිස්ත්‍රික්කයේ නාම යෝජනා ලැයිස්තුවට නවක සාමාජිකයින් හත් දෙනෙකු ඇතුළත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

