Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සරුංගල් යැවීමේදී ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්! පාසල් සිසුන් දෙදෙනෙක් දරුණු පිළිස්සුම් තුවාල ලබයි!

2 years ago

සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලි රැහැනකින් විදුලිසර වැදී සිසුන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ, බණ්ඩාරගම බමුණු මුල්ල අලවත්ත හේන සහ අටලුගම කුරුඳුවත්ත පදිංචි 13 හැවිරිදි දරුවන් දෙදෙනෙක්.

පොලිසිය සඳහන් කළේ ඔවුන් මේ වනවිට රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තුවාලකරුවන් දෙදෙනා සහ තවත් දරුවෙක් එක්ව බණ්ඩාරගම අටලුගම කුරුඳුවත්ත දරුවා පදිංචි තෙමහල් නිවසේ ඉහළ කොටසේ සිට විනෝදයට සරුංගලයක් යවමින් සිට තිබෙනවා.

එය නිවස ආසන්නයේ පිහිටි අධිබලැති විදුලි රැහැනක පැටලී ඇති බව සඳහන්.

ඇල්මිනියම් බටයක් ආධාරයෙන් එය ගැනීමට උත්සාහ කිරීමේදී එකවරම ඇසුණු විශාල පිපිරීමක් සමගම විදුලි සැර වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.