Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග ටෙලි නාට්‍ය නළුවෙක් අත්අඩංගුවට

2 years ago

තණමල්විල ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදූ පුද්ගලයින් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතර ටෙලි නාට්‍ය නළුවෙකු ද වන බවයි වාර්තා වුණේ.

ශෂී නමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටි ටෙලිනාට්‍ය නළුවා ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 300ක් පොලීසිය සොයාගත්තා.

මෙම ප්‍රධාන සැකකරුට එරෙහිව තලෙයි මන්නාරම ප්‍රදේශයේ දී රුපියල් කෝටි 4ක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් සහ අයථා වත්කම් ඉපැයීමේ චෝදනා සම්බන්ධයෙන් ද නඩු විභාග වනවා.

මෙම සැකකරු තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පොලීසියට රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සාහ දරා ඇති බවටයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් අනෙක් සියලු සැකකරුවන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.