Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උඩ පන්දුවක් රැකීමට ගොස් මියගිය පාසල් සිසුවාගේ අවසන් කටයුතු අද

2 years ago

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස් ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම පාසලේ 13 වසරේ තාක්ෂණ අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි ශිවකුමාර් නදිෂ් නැමති (18) හැවිරිදි පාසල් සිසුවායි.

පාසල් විවේක කාලයේදි තවත් ළමුන් පිරිසක් සමග පන්දුවකින් සෙල්ලම් කරමින් සිටියදි පන්දුව ඇල්ලිමට දිවගොස් ඇති පාසල් සිසුවා ලිස්සාගොස් සිසුවාගේ හිස ගොඩනැගිල්ලක බිත්තියක ගැටිමෙන් හිසට බරපතල ලෙස තුවාල සිදු වි තිබු බවත්, එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලේ සිට මහනුවර ශික්ෂණ රෝහල දක්වා රැගෙන යන අවස්තාවේ මියගොස් ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

මියගිය සිසුවාගේ අවසන් කටයුතු (07) දින තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේදි සිදු කරන බව මියගිය සිසුවාගේ ඥාතින් පැවසිය.