Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක බැංකුව සහ රජය අතර ගිවිසුමක්! අමතර ඩොලර් මිලියන 200ක්!

2 years ago

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා ලෝක බැංකුව සමඟ ශ්‍රී ලංකා‌ රජය ඩොලර් මිලියන 200ක ගිවිසුමක් අද (07) අත්සන් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහාය වීමේ ලෝක බැංකු වැඩසටහනේ දෙවන අදියර යටතේ මෙය ලැබී ඇති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලේන් ඊට අත්සන් කර ඇති බව සඳහන්.