අධිවේගී මාර්ගයේ ජාඇළ හුවමාරුව අසල වගුරු බිමක තිබී අද (07) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් හමුවී තිබෙනවා .
මියගොස් ඇත්තේ ජාඇළ ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.
ඔහු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

