ඉතිහාසයේ පළමු වතාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා කාන්තා නිලධාරිනියකගේ නමක් යෝජනා වී තිබෙනවා.
එලෙස යෝජනා වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේගේ නමයි.
සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස 2007 වසරේදී සේවයට එක් වුණු ඇය, රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතීවේදී උපාධිය හදාරා තිබෙනවා.

