Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලක්ෂ 15ක අල්ලසක් ගත් හිටපු රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප

2 years ago

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට ‌කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.

පුද්ගලික ලේකම් යැයි කියන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞති කිරන් ප්‍රදීපන් යන සැකකරුවන් දෙදෙනාට මෙලෙස ඇප නියම කෙරිණි.

සැකකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප හතරක් සහ රුපියල් 50000ක මුදල් ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින්ව ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.

විමර්ශන විභාගය ජනවාරි 28 සිදු කිරීමට ප්‍රධාන මමහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කෙරිණි.