නිවස පිටුපසින් ගලා බසින ඇළකට වැටී පෙරපාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දංකොටුව, යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පදිංචි දැරියක්.
ඇය සිය මිත්තණිය සමඟ පෙරපාසල් ඇරී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
එම අවස්ථාවේ දැරියට නෑම සඳහා මිත්තණිය වතුර එකක් උණු කිරීමට ගොස් ඇති අතර දැරියගේ මව සහ පියා නිවසේ සිට නොමැති බවයි වාර්තා වෙන්නේ.
සිදුවීම පිළිබඳව දංකොටුව පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

