ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වී තිබෙන ප්‍රශ්න සංඛ්‍යාව තුනක් පමණක් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින් අනාවරණය කරගෙන ඇත.
අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මෙම කමිටුව පත් කළාය. එම කමිටු වාර්තාව මේ වන විට ලේකම්වරියට භාර දී තිබේ. මෙම කමිටුව පත් කළේ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගැනීමත් සමග ය. ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විභාගයට පෙර පිට වී තිබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කර ගැනීම එහි අරමුණ විය.
ප්‍රශ්න පත්‍රය සකස් කළ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව හා කොළඹ විශ්වවිද්‍යාලය එම කමිටුව නියෝජනය කළේය.
(source – aruna)

