Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අශේන්ටත් දමිතාගේ ඉරණමම අත්වෙයි! නාමයෝජනා ප්‍රතික්ෂේප වුණු වේදනාවට අශේන් කොමිසමේ ‍යකා නටයි!

2 years ago

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටි අශේන් සේනාරත්නට නාම යෝජනා ලබාදී​ම මැතිවරණ කොමිශන් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

නාම යෝජනා ඉල්ලුම් පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැති වීමේ පදනම” මත ඔහුගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඔහුගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ ඔහු ජනපතිවරයාටද දොස් පවරමින්, කොමිසම දූෂිත බැව් සඳහන් කළා.

නාම යෝජනා ලබාදීම ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කොට තිබේ.