Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොල් තෙල් කන සියලුම දෙනාට අනතුරු ඇඟවීමක්! මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න!

2 years ago

පොල් තෙල්වල පිලිකාකාරක ඇති බවට සමාජය තුළ මේ වන විට දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ඒ පිළිබ්ඳව අදහස් දැක්වූ කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා සඳහන් කළේ පොල්තෙල්වල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ යාම එලෙස පොල්තෙල් වල පිලිකා කාරක පැවතීමට හේතුව බවයි.

පොල් මද නිසියාකාරව වේලීම සිදු නොවීම හරහා එහි හටගන්නා දිලීර වර්ගයක් ඇෆ්ලටොක්සින් ලෙස හඳුන්වන බව පවසන අතර, එය පිළිකා කාරකයක් බවට පත්වන බව ඔහු සඳහන් කරනවා.

ඒ හේතුවෙන් හොඳින් වියළා පොල් තෙල් සිද ගැනීම සිදුකළ යුතු බවයි කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි මහතා වැඩිදුරටත් පැවසුවේ.