සිය බිරිඳගේ පියා සිදු කළ පහර දීමෙන් බෑනා මිය ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ (11) රාත්‍රියේ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මිය ගිය පුද්ගලයා සිය බිරිඳට පහර දීමට යාමේ දී බිරිඳගේ පියා විසින් පොල්ලකින් පහර දීමෙන් මෙම මරණ සිදුව තිබෙනවා.
පහරදීමෙන් මිය ගොස් ඇත්තේ බලංගොඩ දහමාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.
පහරදීම සිදු කළ 65 හැවිරිදි සැකකරු බලංගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

