සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයෙකු පාසලේ පන්ති කාමරය තුලදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝටන්බ්‍රිජ් ඔස්බොන් දමිල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි 45 හැවිරිදි තිදරු පියෙකි.
පාසලේ (12) දින පැවති සරස්වති පුජාවට සහභාගිවි සිටියදි එකවරම එම ගුරුවරයා තම පපුවේ වේදනාවක් ඇති බව පවසමින් එකවරම බිම ඇද වැටී තිබෙනවා.
පසුව රෝගාතුර වු ගුරුවරයාව පාසලේ සෙසු ගුරුවරුන් එක්ව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කරන අවස්තාවේත් ඔහු මියගොස් ඇති බවට වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ පාසලට යාබදවම පිහිටි ඔස්බොන් වතුයායේ පදිංචිව සිටි ගුරුවරයෙකි.

