Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයහපත් කාලගුණය හේතුවෙන් තවත් පාසල් කිහිපයක් වසා තැබීමට තීරණයක්

2 years ago

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේද පාසල් කිහිපයක් හෙට (15) වසා තැබීමට තීරණය කර ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි මෙම තීරණය ක්‍රියාත්ම කරන බව දකුණු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

ඒ අනුව අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ බලපිටිය කනිෂ්ඨ විද්‍යාලය, බලපිටිය ශ්‍රීපති විද්‍යාලය, බලපිටිය මාදූව කනිෂ්ඨ විද්‍යාලය, හික්කඩුව මලවැන්න විද්‍යාලය, අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලය වසා තැබෙන ඇත.

මීට අමතරව ගාල්ල අධ්‍යාපන කලාපයේ ගනේගොඩ රෝමානු කතෝලික විද්‍යාලයද වසා තැබීමට තීරණය කර තිබේ.