Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර පුත්‍රයා පැද වූ රියේ ගැටී තුන් හැවිරිදි දරුවාට දිවි අහිමි වෙයි

2 years ago

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුත්‍රයෙකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක, ගැටී එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් තිබෙනවා.

මෙම රිය අනතුරින් තවත් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදේශ රටක සිට ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නැමැති දරුවායි.

අනතුර සිදුකර ඇති ජීප් රථය නොනවත්වා මීටර 55 ක් පමණ ඉදිරියට ගොස් ගම්පොල පුද්ගලික බස් නැවතුම්පළ තුලට හැරවීමේදී එහි සිටි පලතුරු වෙළෙන්දෙකු ද ගැටී අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී එම ජීප් රථය නැවතී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.