Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශානි අබේසේකරගේ පත්වීමට නැගෙන චෝදනාවලට රජයෙන් පිළිතුරු

2 years ago

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා යළි පොලිස් සේවයට එක්කර ගැනීම සම්බන්ධයෙන් සමාජයේ ඇතැම් පාර්ශ්වයන්හි විරෝධතා එල්ල වී තිබේ.

ඒ ඔහු පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ පැහැදිලි ලෙසම ජාතික ජන බලයේ වේදිකාවේ දක්නට ලැබුණු හෙයින් ඇතැම් පිරිස් දැඩි විවේචන එල්ල කළේය.

මේ සම්බන්ධයෙන් අද (15) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අවධානයට ලක්වූ අතර විවාදයට තුඩු දී තිබෙන එම පත්කිරීම ගැන මාධ්‍යවේදියෙකු කළ විමසීමට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පැහැදිලි කිරීමක් කරන ලදී.

ඒ අනුව,

”එවැනි දක්ෂ නිලධාරියෙක්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වෙනවා විශේෂයෙන් පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් ගැන පරීක්ෂණ කරන්න. ඒ වගේම පහුගිය කාලයේ වෙච්ච බරපතල අපරාධ සම්බන්ධයෙන් ඔහු පරීක්ෂණ කරමින් තිබුණා. 2019 ජනාධිපතිවරණයෙන් දවස් තුනකට පස්සේ පළමුවෙනි ගොදුර බවට පත්වුණේ ඔහු. කිසිම හේතුවක් නැතුව. ඇත්තටම ගත්තොත්ප ඔහු ළිගැනීමට ලක්වුණ නිලධාරියෙක්. එවැනි නිලධාරියෙක්. මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතාම සාධාරණව,අපක්ෂපාතිව පරීක්ෂණ පවත්වාගෙන ගිය කෙනෙක්. ඔහු සතුව ඉතා විශාල තොරතුරු,දත්ත සහ හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා. එවැනි කෙනෙක්ගේ සේවය ලබාගැනීම රටට ජනතාවට විශාල වාසියක් වෙනවා. එවැනි අර්ථයෙන් තමයි අපි ඔහුව ඒ පරීක්ෂණ කටයුතු සඳහා පත්කරනු ලැබුවේ.” යනුවෙන් විජිත හේරත් මහතා පවසන ලදී.