Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පානීය ජල ප්ලාස්ටික් බෝතල් ඔබත් නැවත නැවත භාවිත කරනවාද? එහෙනම් මේ ගැනත් සිතන්න

2 years ago

පානීය ජලය ඇසුරුම් කරන ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතයට ගැනීමෙන් වලකින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය සඳහන් කළේ, ඇතැම් පිරිස් ජලය ගබඩා කිරීම සඳහා මෙම බෝතල් නැවත නැවත භාවිත කරන බවයි.

එහෙත් එම ප්ලාස්ටික් බෝතල් නැවත නැවත භාවිතයේදි ඒවා නිෂ්පාදනයට යොදා ගත් අමුද්‍රව්‍යවලින් යම් යම් රසායනිකයන් ජලයට මුසුවන බව එම ඒකකය පෙන්වා දෙන්නේය.

එම ඇතැම් රසායනිකයන් පිළිකා කාරක විය හැකි බවට පර්යේෂණවලදී හෙළිව තිබේ.

එබැවින් පානීය ජලය ඇසුරුම් කළ ප්ලාස්ටික් බෝතල් නැවත භාවිතයෙන් වළකින ලෙස ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේය.

මේ සම්බන්ධයෙන් පානිය ජලය ඇසුරුම් කරන ආයතනවල නිලධාරින් කැඳවා ඔවුන්ට ද උපදෙස් ලබාදී ඇත්තේ පානීය ජලය ඇසුරුම් කරන විශාල ප්ලාස්ටික් බෝතල් යළි භාවිතයේදි නිවැරදි ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි.

විශේෂයෙන් පානිය ජලය ගබඩා කිරීමට යොදා ගන්නා ලීටර් 19 ප්ලාස්ටික් බෝතල් ඇතැම් වියලි කාලාපිය ප්‍රදේශවල ජලය ගබඩා කිරිමට යොදා ගන්නා බව පැවසු සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර සුරක්ෂිතතා ඒකකය ඒවා සෞඛ්‍යයට අහිතකර ලෙස බලපා හැකි බවද අවධාරණය කළේය.