Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෙවන පාසල් වාරය අවසන් වන දිනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

2 years ago

2025.01.17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය තවත් සතියකින් කල් දමා තිබෙනවා.

මේ අනුව තෙවන වාරය මෙන්ම 2024 පාසල් අධ්‍යයන වර්ෂය 2025 ජනවාරි 24 වනදා අවසන් වීමට නියමිතයි.

තෙවන වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා මෙලෙස තෙවන පාසල් වාරය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කරමින් නිකුත් කළ ලිපියේ සඳහන් වෙන්නේ තෙවන වාරය අවසන් වන 24 දින වන විට සියලුම සිසුන්ට තෙවන වාර විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළ යුතු බවයි.