Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු සංගම් වෙතින් රජයට බරපතළ චෝදනාවක්

2 years ago

විදුහල්පති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේද අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් ඇතිවී තිබෙන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

අවම වශයෙන් ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් හෝ නොකරන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවයි ඒ මහතා කියා සිටියේ.

ගුරුවරුන්ගේ කරපිටින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ වත්මන් පාලනය ගුරුවරුන්ගේ ප්‍රශ්න විසඳීම වගකීමක් බවත් ඒ වෙනුවට සිදුකර ඇත්තේ ගුරුවරයා සම්පූර්ණයෙන්ම අමතක කිරීමක් පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

නව පාලනයට කාලයක් ලබාදිය යුතු බව පිළිගන්නා නමුත් පොරොන්දු වූ පරිදි අපේක්ෂිත බලාපොරොත්තු සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයක් කිරීම රජයේ යුතුකමක් බවයි ඔහු අවධාරණය කළේ.

මොනරා වෙබ් අඩවිය සමග අදහස් පළ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ බව පවසා තිබෙනවා.