Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

2 years ago

රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමග සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

2028 වසරේ සිට ණය ගෙවීම ඇරඹීමට තිබෙන නිසාවෙන් 2027 වසර වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් විය යුතුව තිබෙනවා. එම ඉලක්කයට යාම සඳහා සෑම වසරකම සියයට එකක ආර්ථික වර්ධනයක් ලබා ගත යුතු බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ.

ආර්ථික අර්බුදයට මුහුණ දී රට ගොඩ ගන්නට තමා සමග වැඩ කළ කණ්ඩායම ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව කී හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ශක්තිමත් වීමට නම් එම පිරිස ජයග්‍රහණය කරවිය යුතු බව ඔහු සඳහන් කළා.

අප සාර්ථකව මේ වැඩ කටයුතු සිදු කරනවානම් රටක් ලෙස සොඩ යාමට හැකි බවත් අසාර්ථක වුණොත් රට නැවත කඩා වැටී පෝලිම් යුගයට ගමන් කරන බවටයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා

එම නිසා ගෑස් සිලින්ඩරයට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.