Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවෙක් දිය රකුසාට බිලිවෙයි

2 years ago

යහළුවන් සමග දිය නෑමට ගොස් සිටි 15 හැවිරිදි ශිෂ්‍යයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව කොටදෙණියාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්සල පාර එරබද්ධ කොටදෙණියාව ලිපිනයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

සිසුන් හය දෙනෙකු කොටදෙණියාව හල් ඔලුව ප්‍රදේශයේ බොරළු කැපීමෙන් ඇතිවූ ජලය පිරුණු වළක දිය නෑමට ගොස් ඇති අතර එහිදී දිය නාමින් සිටියදී මෙම සිසුවා හදිසියේ දියේ ගිලී ඇත.

මෙ බව දුටු අනිත් සිසුන් කෑ ගසා ඇති අතර එම කෑ ගැසිල්ල ඇසි එම ස්ථානයට පැමිණි අසල් වැසි පුද්ගලයින් විසින් දියේ ගිලුනු සිසුවා ගොඩ ගෙන ඇත.

සිද්ධිය සැල වූ විගස එම ස්ථානයට පැමිණි කොටදෙණියාව පොලිසිය විසින් පොලීස් ජීප් රථයෙන් ම මීරිගම මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මිය ගිය සිසුවාගේ මව විදෙස් ගතව ඇති අතර ඔහු සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේ ඔහු සිය සහෝදරිය සමග ජීවත් ව ඇති බව පොලීසිය පවසයි.

කොටදෙණියාව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.