Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජය මගින් මුදල් දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරීමක්! ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්!

2 years ago

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

රුපියල් 50,000ක මුදලක් රජය මගින් ලබා දෙන බවට පවසමින් කෙටි පණිවිඩ මගින් එම ව්‍යාජ පණිවුඩ ලැබෙන බවටයි ජනතාව පැමිණිලි කර තිබෙන්නේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම පණිවුඩ සමග පැමිණෙන ලින්ක් (Link) තුළට ප්‍රවේශ වීම හා එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින ලෙසයි.