බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබේ.
මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයකි.
මෙහි මඟීන් 96 දෙනෙකු සහ කාර්යමණ්ඩලය 08 දෙනකු සිට ඇති බව වාර්තා වෙයි.
එම ගුවන් යානයේ මගීන් ඉවත් කර මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

