සිය විවාහ මංගල උත්සවයට මෙරටට පැමිණ නැවත රැකියාව සඳහා ඉතාලියට ගිය තරුණයෙකු ඉතාලියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රිය අනතුරකට ලක්වීමෙන් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
ඔහු වසර ගණනක සිට ඉතාලියේ සේවය කර ඇති අතර, පසුගියදා පැවති ඔහුගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා පැමිණ නැවත එරටට ගිය පසුවයි මෙසේ අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ.
එසේම සිය බිරිඳගේ උපන්දිනයට ඇය පුදුම කිරීම සඳහා මෙම තරුණයා තෑගි පර්සලයක්ද මෙරටට ඒවා ඇති අතර, 17 වැනිදාට යෙදී තිබුණු උපන්දිනයදා ඇයට මෙම තෑගි පාර්සලය ලැබෙන විටද ඔහු මියගොස් ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

