ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19) දා යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබෙනවා.
හිටපු මන්ත්‍රීවරයා පසුගිය සමයේ දැඩි කලකිරීමකින් කටයුතු කළ බවයි ඔහුගේ සමීපතමයින් පවසන්නේ.
අවසන් සති කිහිපය තුළ පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඔහු පක්ෂයේ වගකීම් වලින් ඉවත් වී හුදෙකලාව විසීමට තීරණය කළ බව මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය දිනෙක ප්‍රකාශ කළා.
පක්ෂයේම පිරිසක් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණයට පවා ගොස් සිටි අතර ඔහු ඒ සෑම සිද්ධියකින්ම දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවයි වාර්තා වෙන්නේ.

